07th April 2025 12:45:42 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 අප්‍රේල් මස 06 දින කඹුරුපිටිය, අභිමන්සල - II සුවතා නිකේතයේ හි පැවති සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වූහ.
උත්සව අවස්ථාවට පැමිණි ප්‍රධාන අමුත්තන් කඹුරුපිටිය, අභිමන්සල - II සුවතා නිකේතයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ වීරකෝන් RWP RSP විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව, උත්සවයේ ප්‍රධාන අමුත්තන් විසින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් පසුව, පූජා නර්තනයකින් එම සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය ආරම්භ විය.
ආබාධිත රණවිරුවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබු අවුරුදු ක්‍රීඩා තරඟ ඉසව් මඟින් පැමිණි සිටි අයවලුන්ගේ සිත් ඇද බැඳ ගත් අතර, අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟය මඟින් එම අවස්ථාව තවත් වර්ණවත් විය.
එසේම, මෙම අවුරුදු උත්සවය සඳහා අභිමංසල-II සුවතා නිකේතයේ රණක්‍ෂිතයට පත් රණවිරුවන් විසින් ඉදිරිපත් කරන ලද රෝද පුටු නර්තනය සහ ගැමි ගෙදර ඉසව්ව ප්‍රේක්ෂකයින්ගේ හෘදයාංගම පැසසුමට ලක් විය.
සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සව අවසානයේදී සම්භාවනීය අමුත්තන් විසින් ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, අභිමංසල-II සුවතා නිකේතයේ කාර්යය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වූහ.