09th April 2025 10:45:20 Hours
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ සිවිල් ජනතාවගේ යහපැවැත්මට ප්‍රමුඛත්වයක් ලබාදීමේ අරමුණින් 232 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් 2025 අප්‍රේල් මස 5 දින උන්නච්චිවිය ප්‍රදේශයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම ප්‍රදේශයේ පිහිටි රෝහල්වල රුධිර සංචිත ප්‍රමාණය ඉහල නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වනු ලැබීය.