07th April 2025 00:13:15 Hours
පසුගිය දින වල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝගහවැව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි කොලොන්ගොල්ල වැව් බැම්ම හානි වූ අතර, එහි ප්‍රතිසංස්කරණ කටයුතු 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 04 දින සාර්ථකව සිදුකරන ලදී.
ඒ අනුව, වැව් බැම්ම කැඩීයාමෙන් ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානමෙන් අවට කෘෂිබිම් ආරක්‍ෂා කිරීමට ප්‍රදේශයේ ජනතාවගේ සහාය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් වැලි කොට්ට භාවිතා කරමින් වැව් බැම්ම පිළිසකර කරන ලදී.
එසේම, ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි හෙම්පිටියගම වැව් බැම්ම ද හානිවී තිබූ අතර, එම වැව් බැම්ම 14 රොකට් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් එක්ව 2025 අප්‍රේල් මස 04 දින ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළහ.
මෙම ව්‍යාපෘතීන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගේ උපදෙස් මත 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සාර්ථකව සිදුකරන ලදී.