Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2025 20:28:21 Hours

මියන්මාරයේ ඇති වූ හදිසි අපදා තත්ත්වයේ සහන සේවා කටයුතු සඳහා මෙරට ත්‍රිවිධ හමුදාවේ සහාය

මියන්මාරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ඇති වූ හදිසි අපදා තත්ත්වයේ සහන සේවා කටයුතු සඳහා සහාය වීමට මෙරට ත්‍රිවිධ හමුදාවේ භටපිරිසක් 2025 අප්‍රේල් මස 05 දින කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව ගියහ.

සහන සේවා කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස බ්‍රිගේඩියර් එච්.කේ.පී කරුණාතිලක RSP කටයුතු කරන අතර, මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 6 දෙනෙකු සහ සෙසුනිලයන් 20 දෙනෙකුද ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 02 දෙනෙකුද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 02 දෙනෙකුද ඇතුළත් වේ.

මියන්මාරය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමට අනුව, මෙම කණ්ඩායම එරට මානුෂීය ආධාර ලබාදීමේ කටයුතු සඳහා සහාය වීමට යොදවා ඇති අතර, එමගින් දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරයි.

යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ RSP psc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් මෙරටින් පිටත්ව යන භටපිරිස් වෙත සුබ පැතුම් එක් කිරීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.