04th April 2025 22:13:49 Hours
ප්‍රගමන ප්‍රවර්ධන සහ නායකත්ව සංස්කරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 අප්‍රේල් මස 04 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
උත්සව කටයුතු ආරම්භ කරමින් මෙම පාඨමාලාවේ අරමුණු සහ හමුදා පුහුණුවේදී නායකත්වයේ සහ සරඹ උපදේශණයේ ඇති වැදගත්කම පිළිබඳව හඳුන්වාදීමේ කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් එම පාඨමාලාව හැදෑරූ යුද්ධ හමුදා සාමාජිකයන් 123 දෙනෙකුගේ කැපවීම සහ විශිෂ්ඨත්වය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත එම සහතිකපත් ප්‍රධානය කරන ලදී. මෙම පාඨමාලාව 2025 පෙබරවාරි මස 24 සිට 2025 මාර්තු මස 25 දින දක්වා අම්පාර, සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේදී, රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් පාඨමාලාව සාර්ථකව අවසන් කළ එම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සිය සුභපැතුම් එක්කරමින්, යුද්ධ හමුදාව තුළ පාඨමාලාවන් හැදෑරීමේ සහ වෘත්තීය ප්‍රවර්ධනයේ වැදගත්කම පිළිබඳව මෙන්ම හමුදා සාමාජිකයන් අතර විනය, නායකත්වය සහ උපායශීලී කාර්යක්‍ෂමතාව ඉහළ මට්ටමක පවත්වාගැනීම සඳහා මෙම සංස්කරණ පාඨමාලාවේ ඇති දායකත්වය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බළලත් නිලධාරි I පී.සී දෙහිගස්පිටිය USP විසින් ස්තූති කතාව පැවැත්විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි ඇතුළු උපදේශකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.