27th March 2025 17:23:51 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අණදෙන නිලධාරි තනතුරේ රාජකාරි භාර ගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරින් පුහුණු කිරීම සඳහා පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 13 හි ශිෂ්‍ය නිලධාරින් 2025 මාර්තු මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි ශිෂ්‍ය නිලධාරින් ප්‍රථමයෙන් සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව, ඔවුන් යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP ndu psc විසින් ‘The Role of the Contemporary Battalion Commander’ යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනයකට සහභාගි වූහ.
දේශනයෙන් අනතුරුව, ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වූ අතර, එමඟින් ශිෂ්‍ය නිලධාරින්ට ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සමඟ සුහඳ සාකච්ඡාවක නිරත විමට අවස්ථාව හිමි විය. සංචාරය අවසන් කරමින් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරි පිරිස යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංචාරයක නිරත විය.
මෙම වැඩසටහන සඳහා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.