24th March 2025 09:00:49 Hours
ධූරයෙන් නික්ම යන විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc, වෙත එම බලකායේ භටපිරිස් විසින් ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 මාර්තු මස 18 දින පවත්වනු ලැබීය.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි ධූරයෙන් නික්ම යන රෙජිමේන්තු අධිපතිව විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී.
ඉන් අනතුරුව, ධූරයෙන් නික්ම යන රෙජිමේන්තු අධිපති භටපිරිස් අමතමින්, තම යුද්ධ හමුදා වෘත්තීය දිවිය තුලදී සහයෝගය ලබාදුන් සියලුම නිලයන්ට සිය කෘතවේදීත්වය පළකළේය.
අනතුරුව, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී, යුද්ධ හමුදාව සහ විශේෂ බලකා රෙජිමේන්තුව වෙනුවෙන් සිදුකරන ලද සේවය ඇගයීමට ලක්කරමින් නික්ම යන රෙජිමේන්තු අධිපති වෙත සංකේතාත්මකව සමරු තිළිණයන් ප්‍රදානය කරන ලදී. මෙම උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.
මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP ndu psc, විශේෂ බලකා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස පත්කර ඇත.