Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th March 2025 20:10:34 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදා මූලධර්ම ප්‍රකාශන එළිදක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදා මූලධර්ම ප්‍රකාශන සහිත ග්‍රන්ථයන් 2025 මාර්තු මස 20 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී එළිදැක්වීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

එම පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව පර්යේෂණ, සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

අනතුරුව, පර්යේෂණ, සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත නව මූලධර්ම ප්‍රකාශන සහිත ග්‍රන්ථයන් සංකේතාත්මකව පිරිනැමීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලධර්ම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Battle Procedure Ground Orientation, Handbook - CSS Estimate, MACA Book, Model Briefing & Verbal Orders, Organizing Operations Room and Log Keeping, සහ Reconnaissance Pamphlet Terrain Analysis යන ඉංග්‍රීසි ග්‍රන්ථයන් මෙන්ම යුධ පිළිවෙත, ආකෘති විස්තර කිරීම හා වාචික නියෝග, භූමියට අනුගත කිරීම, අභ්‍යන්තර ආරක්‍ෂක මේහෙයුම් සහ ප්‍රතිවිප්ලවාදී සංග්‍රාම, භූමි විශ්ලේශණය යන සිංහල ග්‍රන්ථයන් මෙහිදී එළිදැක්විණි.

ඉන් අනතුරුව, මූලධර්ම ප්‍රකාශන සහිත ග්‍රන්ථයන්හි එළිදැක්වීම සනිටුහන් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සඳහා සහභාගි වූවන් කිහිපදෙනෙකු වෙත මෙම ග්‍රන්ථයන් පිරිනැමීය. මෙම මූලධර්ම ප්‍රකාශන සහිත ග්‍රන්ථයන් වෙත පුළුල් ප්‍රවේශයක් ලබා දෙමින් එම ග්‍රන්ථයන්හි විද්‍යුත් පිටපත් යුද්ධ හමුදා e-portal මෘදුකාංගය වෙත උඩුගත කළ අතර, එමඟින් සියළු යුද්ධ හමුදා සාමාජිකයන්හට යාවත්කාලීන කළ මූලධර්ම පිළිබඳ දැනුවත් වීමේ හැකියාව පවතී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.