22nd March 2025 10:24:19 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලස්ථානයේ 26 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc 2025 මාර්තු මස 19 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරි භාරගන්නා ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පිරිනැමූහ. ඉන් අනතුරුව, රණවිරු ස්මාරකය අභියසදී මවුබිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත සිය පුෂ්පෝපහාර පිරිනැමීය.
අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි එම මූලස්ථානයේ අභිවෘද්ධිය උදෙසා සිය දැක්ම පිළිබඳ පැහැදිළි කරමින් භටපිරිස්හි කැපවීම වෙනුවෙන් සිය කෘතවේදීත්වය ද පිරිනැමීය.