Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2025 10:24:00 Hours

57 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

57 පාබල සේනාංකයේ 18 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල් සමරදිවාකර RWP RSP ndc psc 2025 මාර්තු මස 17 දින එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නව සේනාංකාධිපති වෙත 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනැමූහ. ඉන් අනතුරුව, නව සේනාංකාධිපති භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී.