Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2025 17:04:02 Hours

13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ ඔරු පැදීමේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ ඔරු පැදීමේ ශූරතාවලිය 2025 පෙබරවාරි මස 24 සහ 25 දෙදින තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුව විසින් දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.

ඉතිහාසයේ ප්‍රථම වරට, එම තරඟ ඉසව්වේ පිරිමි සහ කාන්තා ශූරතාවලි දෙකෙහිම ජයග්‍රහණයන් හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ කණ්ඩායම් සමත්වූහ. එහිදී, පිරිමි ඔරු පැදීමේ කණ්ඩායම රන් පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් තුනක් ද, කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් දිනාගත්හ.

තරඟාවලියේ සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc සහභාගි විය.