18th March 2025 16:45:54 Hours
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 මාර්තු මස 16 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
ප්‍රධාන දොරටුව වෙත පැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් දිවංගත රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විය. පසුව, ධූරයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 7 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුර ගෞරවාචාරය පිරිනැමීය.
පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බල ප්‍රදේශයේ සාමකාමී පරිසරයක් සහ ශක්තිමත් සිවිල්-හමුදා සම්බන්ධීකරණයක් ගොඩනැගීම සඳහා දායක වූ සියලුම නිලයන්ගේ වෘත්තීයභාවය සහ සේවය වෙනුවෙන් සිය කෘතඥතාවය ප්‍රකාශ කළේය.
මෙම උත්සවය අතරතුරදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සියලුම නිලයන්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකරන ලද ‘සෙනුර’ නිවාඩු නිකේතනය විවෘත කරන ලදී. තවද, ධූරයෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් දානපතියෙකු වන සේනක රොද්‍රිගෝ මහතා විසින් යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහල - වන්නි වෙත අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාගයක්ද මෙම අවස්ථාවේදී සිදුකරන ලදී. නව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ලෙස මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc, පත්කෙරිණි.