Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2025 11:08:45 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 18 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක නිරතවිය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම සංචාරය අතරතුරදී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් සිදුකරනු ලබන ක්‍රියාන්විත රාජකාරි සහ කාර්යභාරයන් සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කෙරිණි. එසේම, යුද්ධ හමුදාවේ උපායමාර්ගික අරමුණු සාර්ථක කරගැනීම වෙනුවෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පරිපාලන හා මෙහෙයුම් කාර්යයන් පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් පරික්‍ෂා කර බැලීය.