17th March 2025 12:58:24 Hours
2025 පෙබරවාරි මස 24 දින සිට 25 දින දක්වා බංග්ලාදේශයේ ඩකා හි පැවති ‘Droughts, Floods and Fault Lines: Climate Security in South Asia’ කලාපීය සමුළුවේදී ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් සහ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් එම්.බී.බී.එන් හේරත් RSP විසින් දේශනයක් පවත්වන ලදී. බංග්ලාදේශයේ සාමය සහ ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවේදී දේශගුණික විපර්යාස සහ කලාපීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දකුණු ආසියාතික රටවල් හයක විශේෂඥයින් රැස් වූහ.
එහිදී කර්නල් එම්.බී.බී.එන් හේරත් RSP විසින් ‘Powering Peace: Renewable Energy for Climate Security in South Asia,’ තේමාව ඔස්සේ මිශ්‍ර මූල්‍ය ආකෘති භාවිතය, කාර්ය සාධනය පදනම් වූ ගෙවීම් යාන්ත්‍රණ, දේශගුණික හා හරිතාශ්‍රිත සබඳතා, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සහ බලශක්ති සේවා ආකෘතිය යනාදී ක්ෂේත්‍රයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් විස්තර කළේය. මීට අමතරව, දේශසීමා හරහා පුනර්ජනනීය බලශක්ති ජාලයන්හි විභවයන් ව්‍යාප්තිය සහ කලාපීය බලශක්ති ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා දකුණු ආසියාවේ බලශක්ති සංචිතයක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.
එයාර් වයිස් මාර්ෂල් මහමුද් හුසේන්, ආචාර්ය සල්මා මලික් සහ මේජර් ජෙනරල් බිනාජ් බස්නියාත් ඇතුළු කථිකයින් ද දකුණු ආසියාවේ දේශගුණික ආරක්‍ෂාව පිළිබඳ විවිධ අංශ පිළිබඳව සාකච්ඡා කරමින් මෙම සමුළුවට එක් වූහ.
(ඡායාරූප අනුග්‍රහය: ආරක්‍ෂක අමාත්‍යාංශය)