Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2025 21:21:41 Hours

දියබෙදුම, කටුකෙලියාව සිංහල ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් දියබෙදුම, කටුකෙලියාව සිංහල ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් 2025 මාර්තු මස 13 දින ක්‍රියාත්මක කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුවේ මූල්‍ය අනුග්‍රාහකත්වය හිමිවිය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ උපදෙස් සහ ආඥාපති භඨකාර්ය සම්පාදන අණසක - නැගෙනහිර ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පාසල් කාර්ය මණ්ඩලය සහ අනුග්‍රාහක භවතුන් පිරිසක් සහභාගි වූහ.