Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2025 19:45:41 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙත නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 16 සහ 17 දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම නිල සංචාරයක නිරතවිය.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය. ඉන් අනතුරුව, එම මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ වත්මන් කාර්යභාරයන් සහ මෙහෙයුම් සූදානම සබැඳිව එතුමන්ව දැනුවත් කෙරිණි.

මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 15 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ චීන-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරන ලදී. දේශනය සමාප්තියේ, සංකේතාත්මකව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම සංචාරයේ සාමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් එම මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.