16th March 2025 10:51:55 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා දායකත්වය මත බණ්ඩාරවෙල, පූනාගල ඉදිකරනු ලබන නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීම 2025 මාර්තු 15 දින සිදුවිය.
මෙම අවස්ථාව සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා යුද්ධ හමුදාධිපති ප්රමුඛ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මෙම නිවාස ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් සිදුකරනු ලබයි. අවතැන් වූ පවුල් පුනරුත්ථාපනය හා නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය යටතේ වසර දෙකකට පෙර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් අවතැන් වූ පවුල් 50 ක් සඳහා නව නිවාස ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
මෙහි පළමු අදියරේදී නිවාස 10 ක් නිමකර අදාළ පවුල් සඳහා ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත.