Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2025 12:59:10 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 26 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඊ.එම්.ජී.ඒ අඹන්පොල 2025 මාර්තු මස 12 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඊ.එම්.ජී.ඒ අඹන්පොල වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පිරිනැමිණි. මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.

එතුමන්, වර්තමානයේදී ආඥාපති භඨකාර්ය සම්පාදන අණසක ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ධූරය ද හොබවනු ලබයි.