Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2025 21:10:41 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ RSP වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 මාර්තු මස 11 දින එම ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ RSP එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පුදකළහ. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සිය වෘත්තීය දිවිය තුළ දැක්වූ සහයෝගය වෙනුවෙන් සියළුම නිලධාරින් සහ සෙසුනිලයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

මෙහිදී, එතුමන්ගේ කැපවූ සේවය ඇගයීමට ලක්කරමින් ධූරයෙන් නික්ම යන කර්නල් සේනාවිධායක වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.