Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2025 21:38:26 Hours

‘13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2025’ හි පැරෂුට් ශූරතාවලියේ සම-ශුරතාවය යුද්ධ හමුදාවට

‘13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2025’ හි පැරෂුට් ශූරතාවලිය මාර්තු මස 13 සහ 14 දෙදින තුළ අම්පාර, ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. තරඟාවලියේ සමාප්තිය සනිටුහන් කරමින් සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සුවිශේෂී කුසලතා ප්‍රදර්ශනය කරමින් පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් එම්.ඩී.කේ විජේවර්ධන WWV RWP RSP USP ndc psc සහභාගි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කණ්ඩායම සහ ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායම ශූරතාවලිය පුරාවටම කැපීපෙනෙන දක්‍ෂතා දක්වමින් සම-ශූරතාව දිනාගැනීමට සමත්වූහ.

දැක්වූ දක්‍ෂතාවයන්

නිවැරදි පැරෂුට් ගොඩබෑම - ශූරතාවය

නිදහස් ආර - අනුශූරතාවය

ඒකළ ඛාණ්ඩයේ දක්‍ෂතාවයන්

දක්‍ෂතම සමස්ත පැරෂුට් භටයා - කමාන්ඩෝ රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එස්.එන්.ආර් කැළුම්

නිවැරදි පැරෂුට් ගොඩබෑම තරඟයේ ප්‍රථම ස්ථානය - කමාන්ඩෝ රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එස්.එන්.ආර් කැළුම්

නිවැරදි පැරෂුට් ගොඩබෑම තරඟයේ දෙවන ස්ථානය - විශේෂ බලකායේ ලුතිනන් කර්නල් ජේ.එච්.එස් පුෂ්පකුමාර RWP psc