Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2025 14:12:59 Hours

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් වෙනුවෙන් සුභසාධන සේවා පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ටී.ටී.පී සිරිවර්ධන RSP ndc psc Isc ගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 05 දින යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සුභසාධන සේවා පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් එම අධ්‍යක්‍ෂ මණ්ඩල පරිශ්‍රයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ලබාගත හැකි සුභසාධන පහසුකම් පිළිබඳ ඔවුන් සතු දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් ලුතිනන් කර්නල් ඩී.පී.කේ ද සිල්වා RWP RSP විසින් මෙම දේශනය පවත්වන ලදී.