Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2025 13:04:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ‘රෙජිමේන්තු සැරයන් මේජර්වරු සහ සරඹ උපදේශකවරුන්ගේ ප්‍රගමන ප්‍රවර්ධන හා නායකත්ව සංස්කරණ පාඨමාලාව - 2025/01’ පවත්වයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීමත්, විධායක ජෙනරාල්තුමන්ගේ උපදෙස් හා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂතුමන්ගේ අධීක්‍ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් මේ වනවිට ‘රෙජිමේන්තු සැරයන් මේජර්වරු සහ සරඹ උපදේශකවරුන්ගේ ප්‍රගමන ප්‍රවර්ධන හා නායකත්ව සංස්කරණ පාඨමාලාව - 2025/01’ අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලබයි.

සරඹ උපදේශක පාඨමාලාව සම්පූර්ණ කළ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, සරඹ උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් හා කොමිෂන් නොලත් නිලධාරින්ගේ විශේෂඥතාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් 2025 පෙබරවාරි මස 24 දින ආරම්භ කරනු ලැබූ මෙම පාඨමාලාව 2025 මාර්තු මස 25 දින දක්වා පැවැත්වේ. මෙම පාඨමාලාව තුළින් සියලුම රෙජිමේන්තුවල වෘත්තීය සංවර්ධනය, නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම සහ සරඹ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකරනු ලබයි.

අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර WWV RWP RSP විසින් පාඨමාලාවේ ආරම්භක දේශනය පවත්වනු ලැබීය.