03rd March 2025 15:52:17 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළුඅවි සංගමය සහ දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල එක්ව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය - 2025, මාර්තු මස 02 දින අවසන් විය.
ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක සහ යුද්ධ හමුදා සුළුඅවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර RWP RSP ගේ මඟපෙන්වීම යටතේ 2025 පෙබරවාරි මස 20 සිට 26 දින දක්වා මෙම තරඟාවලිය පවත්වන ලදී. ඒ සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 22 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 318 දෙනෙකු විවෘත, සේවා රෙජිමේන්තු සහ ආධුනික යන කාණ්ඩ තුන යටතේ තරඟ කළහ.
අදියර දෙකක් යටතේ 2025 පෙබරවාරි මස 27 දින පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP සහභාගි විය. අවසන් සම්මාන ප්‍රධානෝත්සවය 2025 මාර්තු මස 02 දින පැවති අතර, එම අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සහභාගි විය.
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය - 2025 හි දක්‍ෂතා දැක්වූ රෙජිමේන්තු සහ ක්‍රීඩකයින් පහතින් දැක්වේ:
1. විවෘත අංශයේ ශූරතාවය
ඒ. විශේෂ බලකා කණ්ඩායම - ශූරතාවය
බී. ගැමුණු හේවා බලකා කණ්ඩායම - අනුශූරතාවය
සී. ගජබා රෙජිමේන්තු කණ්ඩායම - දෙවන අනුශූරතාවය
2. ආධුනික අංශයේ ශූරතාවය
ඒ. විශේෂ බලකා කණ්ඩායම - ශූරතාවය
බී. කමාන්ඩෝ රෙජිමේන්තු කණ්ඩායම - අනුශූරතාවය
සී. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කණ්ඩායම - දෙවන අනුශූරතාවය
3. සේවා රෙජිමේන්තු ශූරතාවය
ඒ. යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායම - ශූරතාවය
බී. යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම - අනුශූරතාවය
සී. ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම - දෙවන අනුශූරතාවය
4. දක්‍ෂතම වෙඩික්කරු (විවෘත කාණ්ඩය) ගැමුණු හේවා බලකායේ බළලත් නිලධාරි 1 ඩබ්ලිව්.පී.එන් ධම්මික
5. දක්‍ෂතම වෙඩික්කරු (ආධුනික කාණ්ඩය) - විශේෂ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.එස් සෙනෙවිරත්න
6. දක්‍ෂතම වෙඩික්කරු (සේවා රෙජිමේන්තු කාණ්ඩය) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ටී.එම්.පී.කේ පියතිස්ස
7. බ්‍රිගේඩියර් සහ මේජර් ජෙනරල් නිලයේ තරඟ අංශය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එච්.ඒ.ඒ.එන්.සී ප්‍රභාත් RSP USP
8. ලුතිනන් කර්නල් සහ කර්නල් නිලයේ තරඟ අංශය - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලුතිනන් කර්නල් එම්.කේ.ඩී.එස් මායාදුන්න
9. වෙඩිපිටි භාර නිලධාරි තරඟ අංශය - ගජබා රෙජිමේන්තුවේ මේජර් එස්.ඒ.ඩී.ඩී විමලසූරිය psc
10. ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි තරඟ අංශය - කමාන්ඩෝ රෙජිමේන්තුවේ බළලත් නිලධාරි II ඒ.ඒ.යූ.අයි සමරසිංහ