Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th February 2025 14:10:41 Hours

‘යුද්ධ හමුදා පාපන්දු ශූරතාවලිය -2025’ හි ජය සන්නද්ධ බුද්ධි බලකායට

යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් රෙජිමේන්තු ‘සත් සාමාජික පාපන්දු ශූරතාවලිය - 2025’ හි අවසන් මහා තරඟය පෙබරවාරි මස 14 දින පනාගොඩ, පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් සහභාගි විය.

මෙම තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සන්නද්ධ බුද්ධි බලකා පාපන්දු කණ්ඩායම සමත්වූ අතර අනුශූරතාවය විජයබාහු පාබල රෙජිමේන්තු පාපන්දු කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

අවසන් මහා තරඟය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.