20th February 2025 10:34:55 Hours
ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 80 වන සංවත්සර දින සැමරුම් උත්සවය පෙබරවාරි මස 16 දින දෙල්ගොඩ Tamarind උත්සව ශාලාවේදී අභිමානවත් අයුරින් පවත්වන ලදී.
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සම්භාවනීය ආරාධිතයෙකු ලෙස සහභාගි විය. අනුබද්ධ සන්නද්ධ හමුදා සංගම් 48 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 45,000 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරුණු ලබන මෙම සංගමය වර්ෂ 1944 ස්ථාපිත කිරීමෙන් අනතුරුව මේ දක්වා සිදුකරනු ලබන කාර්යභාරය සබැඳිව මෙම අවස්ථාවේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් පැහැදිළි කළේය.
මෙම අවස්ථාවේදී, මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සඳහා රජය කැපවී සිටින බව පෙන්වාදුන් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් විශ්‍රාමික රණවිරුවන් සතු ගැටළු විසඳීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පත්කරන ලද ජ්‍යෙෂ්ඨ කමිටුවේ මුලපිරීම් පිළිබඳව ද සාමාජිකයන් දැනුවත් කරන ලදී.
මෙම උත්සවය අතරතුරදී, පොපිමල් අලෙවිය තුළින් සේවාමුක්ත භට සංගමය වෙත දැක්වූ දායකත්වය වෙනුවෙන් ගජබා ප්‍රවීණයන්ගේ සංගමය වෙත ප්‍රසාද දීමනාවක් ලෙස රුපියල් මිලිනයකට ආසන්න මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකෙරිණි. එමෙන්ම, දීර්ඝ කාලසීමාවක් පුරාවට එම සංගමයේ සාමාජිකත්වය දරමින් සිදුකරනු ලබන කැපවීම වෙනුවෙන් එම සංගමයේ සාමාජිකයන් කිහිපදෙනෙකු වෙත ‘යාවජීව සාමාජික පදක්කම’ හා ‘ගෞරවාන්විත සේවා පදක්කම’ පිරිනැමිණි.
මෙම අවස්ථාව සඳහා සේවාමුක්ත භට සංගමයේ ලේකම් කර්නල් සුජිත් ජයසේකර (විශ්‍රාමික) සහ තවත් සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගි වූහ.