Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th February 2025 07:36:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නව පරිඝණක ආශ්‍රිත ද්‍රව්‍ය කළමණාකරණ පද්ධතියක් හඳුන්වාදෙයි

පරිඝණක ආශ්‍රිත ද්‍රව්‍ය කළමණාකරණ පද්ධතිය - අදියර 2 සහ myQ1 මෘදුකාංග යෙදවුම් නිල වශයෙන් එළිදැක්වීම 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ctf-ndu psc IG සහභාගි විය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුධෝපකරණ ඉතිහාසය පිළිබඳව නිර්මාණය කරනු ලැබූ වාර්ථාමය වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි. අනතුරුව, යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.පී.එන්.එස්.කේ කාරියවසම් Lsc AATO විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ව මෙම අවස්ථාව සඳහා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදනය සහ ද්‍රව්‍ය කළමණාකරණයේ ප්‍රවර්ධනය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පරිඝණක ආශ්‍රිත ද්‍රව්‍ය කළමණාකරණ පද්ධතිය - අදියර 2 සහ myQ1 මෘදුකාංග යෙදවුම් නිල වශයෙන් එළිදැක්වීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.