20th February 2025 07:34:51 Hours
භඨකාර්ය සම්පාදන ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මේ වනවිට යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත උඩවලව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළෙහි අළුත්වැඩියා කරන ලද ටාටා 709 ට්‍රක් රථ දහයක් 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට ලක්කෙරිණි.
උඩවලව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළ යටතේ සෙවයේ නියුතු භටපිරිස් විසින් මෙම ට්‍රක් රථ අළුත්වැඩියා කළ අතර, මෙම රථ යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය වෙනුවෙන් යෙදවීමට ප්‍රථම භාවිතය සඳහා සුදුසු බව සහතික කරනු ලැබීය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල්, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල්, සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.