Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2025 16:03:52 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 2025 වර්ෂයේ පළමු කාර්තුව සඳහා නිලධාරි පුහුණු දිනය සාර්ථකව පැවැත්වේ

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ RSP ගේ මඟපෙන්වීම මත 2025 වර්ෂයේ පළමු කාර්තුව සඳහා නිලධාරින්ගේ පුහුණු දින වැඩසටහන 2025 පෙබරවාරි මස 11 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

ශාරීරික යෝග්‍යතා වැඩසටහනකින් ආරම්භ වූ මෙම පුහුණු දින වැඩසටහනේදී බළලත් නිලධාරි I කේ.ආර්.ඒ සෙනෙවිරත්න (විශ්‍රාමික) විසින් ‘නිලධාරින්ගේ විනය’ තේමාව ඔස්සේ ආරාධිත දේශනයක් පැවැත්වූ අතර කර්නල් යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් කර්නල් වී.ඩී වරුෂවිතාන ato විසින් විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ දේශනයක් ද පවත්වන ලදී.

වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් කීර්තිමත් කථිකාචාර්ය අනෝමා දිසානායක මහත්මිය විසින් ‘ආතතිය කළමනාකරණය කිරීම සහ සමබර ජීවිතයක් පවත්වාගැනීම’ මැයෙන් දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.