16th February 2025 18:04:48 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 පෙබරවාරි මස 14 දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයට පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ද නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වෙත සිය සුභ පැතුම් එක් කළේය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුල මෑත කාලීනව හොඹවන ලද ධූරයන් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ සමස්ත මෙහෙයුම් ආඥාපති (බටහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය) මගින් ලද අත්දැකීම්, එතුමන් භාරගනු ලැබූ මෙම නව ධූරයෙහි රාජකාරින් ඉතා උසස් අන්දමින් ඉටුකිරීමට ඉවහල් වනු ඇත.
මෙම උත්සව අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූ අතර, එහිදී ඔවුන් එතුමන්ගේ ඉදිරි රාජකාරි කටයුතු වෙනුවෙන් සුභ පැතුම් එක් කළහ.