15th February 2025 15:25:16 Hours
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 8 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය ‘හමුදා සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, විශිෂ්ටතා නවෝත්පාදනය සහ ගෝලීය බලපෑම’ යන තේමාව යටතේ 2025 පෙබරවාරි මස 14 දින කොළඹ, ගලදාරි හෝටලයේදී පැවැත්විය. මෙම උත්සවය මඟින් හමුදා-සිවිල් සහයෝගිතාව වැඩි දියුණු කිරීම සහ හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයින් අතර වැඩි නැඹුරුතාවයක් ඇති කිරීම අරමුණ විය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc සහභාගි වූ අතර, එසේම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ ආරාධනයෙන් ගෞරවනීය ආරාධිත අමුත්තෙකු ලෙස විකලාංග හා කම්පන ශල්‍ය වෛද්‍ය උපදේශක ආචාර්ය නරේන්ද්‍ර පින්තු මහතා ද සහභාගි විය.
මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, නාවික හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් ද සහභාගි වූ අතර, ඉන්දීය දූත පිරිසේ විශේෂ ආරාධිතයින් වන බ්‍රිගේඩියර් ටතාගත චැටර්ජි, වෛද්‍ය ජෝත්ස්නා පන්ජ් සහ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වෛද්‍ය රවින්දර් කුමාර් පාණ්ඩේ ද සහභාගි වූහ.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසුව සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වනු ලැබීය.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සහ විකලාංග ශල්‍ය වෛද්‍ය උපදේශක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.ආර්.පී පීරිස් විසින් මෙම තෙදින සැසිවාරයේ ප්‍රධාන අරමුණු ගෙනහැර දැක්වීමෙන් අනතුරුව, 2016 වර්ෂයේදී මෙම සංගමය ස්ථාපිත කිරීම සබැඳිව මතකයන් සිහිපත් කරමින් සමාරම්භක දේශනය පවත්වන ලදී. ඉන් අනතුරුව, ගෞරවනීය ආරාධිත අමුත්තා විසින් හමුදා වෛද්‍ය විද්‍යා දියුණුවේ වැදගත්කම අවධාරණය කරමින් සභාව ඇමතීය. පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මෙම සංගමයේ දියුණුව වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරමින් මෙම උත්සවයේ වැදගත්කම පිළිබඳව තම අදහස් දැක්වීය.
වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයන්ට අදාළ අනෙකුත් ආයතනවලින් සහභාගි වූ වෘත්තිකයන් ඇතුළු තවත් 350 කට අධික සංඛ්‍යාවක් මෙම සැසිවාරයන් සඳහා සහභාගි වෙති. මෙම තෙදින සැසිවාරයේදී විවිධ ක්ෂේත්‍රයන් සමඟින් ඵලදායි සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට සංවිධායක කමිටුව අපේක්‍ෂා කරයි.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෘත්තීය සංගමයකි.
වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සංසදය මගින් එයට සහභාගි වන්නන්ගේ දැනුම වැඩි දියුණු කිරීම, නවෝත්පාදනයන් සඳහා මංපෙත් විවර කිරීම සහ හමුදා සෞඛ්‍ය සේවාව සඳහා ගෝලීය දායකත්වය ලබාගැනීම සිදුකරනු ලබයි.
(ඡායාරූප අනුග්‍රහය: ආරක්‍ෂක අමාත්‍යාංශය)