15th February 2025 11:58:14 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 60 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී 2025 පෙබරවාරි මස 13 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබීය.
එම මූලස්ථානය වෙත සපැමිණි එතුමන්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
අනතුරුව, එතුමන් අභාවප්‍රාප්ත කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්පී ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකල අතර පසුව, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුර ගෞරවාචාරය පුදකළහ.
ඉන් අනතුරුව, නව සේනාවිධායකතුමන් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, අනතුරුව භටපිරිස් ඇමතීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ.