15th February 2025 08:41:05 Hours
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එල්.සී.කේ පතිරණ ආර්එස්පී එච්ඩීඑම්සී අයිජී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.
මෙම හමුව අතරතුර, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී මෙන්ම පශ්චාත් යුධ සමයේදී කාලතුවක්කු නිලධාරියෙකු ලෙස දැක්වූ නොසැලෙන කැපවීම සහ ආදර්ශමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක් කළ අතර, තවද, එතුමන්ගේ වෘත්තීය ජීවිතය පුරාවට පවුලේ සාමාජිකයන් විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් එම පවුලේ සාමාජිකයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් දිරිගැන්වීම් සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහද හමුව සමාප්තියේ දී කෘතඥතාව පළ කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන්ද ප්‍රදානය කළේය.
වර්ෂ 1991 නොවැම්බර් 17 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එල්.සී.කේ. පතිරණ ආර්එස්පී එච්ඩීඑම්සී අයිජී කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක - 09 යටතේ රත්මලාන, ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1993 නොවැම්බර් 22 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2025 ජනවාරි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 පෙබරවාරි මස 17 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබන විට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (පාලන) ධූරය හෙබවීය.
සිය වෘත්තීය දිවිය තුළදී එතුමන්, 7 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඛණ්ඩභාර නිලධාරි, 7 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 25 බතරොයියේ බතරොයි කපිතන්, 212 පාබල බලසේනා මූලස්ථානයේ බතරොයි අණදෙන නිලධාරි, 7 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 25 බතරොයියේ වැඩබලන බතරොයි අණදෙන නිලධාරි, 8 මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ විධායක අධිකාරි, 8 මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 24 බතරොයියේ බතරොයි අණදෙන නිලධාරි, 8 මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 83 බතරොයියේ බතරොයි අණදෙන නිලධාරි, 22 පාබල සේනාංකයේ කාලතුවක්කු සම්බන්ධීකරණ නිලධාරි, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පුහුණු අංශයේ ඛණ්ඩභාර නිලධාරි, 571 පාබල බලසේනාවේ බතරොයි අණදෙන නිලධාරි, 15 කාරක ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ වැඩබලන අණදෙන නිලධාරි, 15 කාරක ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), 68 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), කාලතුවක්කු බලසේනා මූලස්ථානයේ කාලතුවක්කු ප්‍රතිප්‍රහාර සැලසුම් නිලධාරි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), 62 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), 7 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, 53 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), කාලතුවක්කු පුහුණු පාසලේ කාර්යයේ නියුතු සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ලේකම් කාර්යාලයේ බ්‍රිගේඩියර් (හමුදාධිපති ලේකම්), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්‍ෂ (පාලන), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (පාලන) වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් රණ ශූර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.
එතුමන් සිය වෘත්තීය දිවිය තුළදී, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, නිරීක්‍ෂක හා මාණ්ඩලික නිලධාරි පාඨමාලාව, 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීම සඳහා පුද්ගලික ආරක්‍ෂක නිලධාරින් සහ සම්බන්ධීකරණ නිලධාරින්ගේ පාඨමාලාව, තරුණ නිලධාරි (කාලතුවක්කු) පාඨමාලාව - පාකිස්තානය , මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්තානය, කාලතුවක්කු මාණ්ඩලික පාඨමාලාව (ගුවන් ආරක්‍ෂක) - ඉන්දියාව, කාලතුවක්කු බතරොයි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය, උසස් ආරක්‍ෂක කළමණාකරණ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.
තවද, එතුමන් සමස්ත ඉන්දීය කළමනාකරණ සංගමයේ කළමනාකරණය පිළිබඳ උසස් පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු පුහුණු පාසලේ අවි පුහුණුව පිළිබඳ ඩිප්ලෝමාව - පාකිස්ථානය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කලාවේදී උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන), ඉන්දියාවේ ඔස්මානියා විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පශ්චාත් උපාධිය සහ ගුවන් ආරක්‍ෂක සහ රේඩාර් තාක්‍ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය - යුද්ධ හමුදා ගුවන් ආරක්‍ෂක විද්‍යාලය, ඉන්දියාව වැනි උසස් අධ්‍යාපනික සුදුසුකම් ද සපුරා ඇත.