Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2025 19:34:24 Hours

ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍යයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර නවම් පුර පසළොස්වක පොහෝ දින (පෙබරවාරි මස 12) පැවති අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගි වූයේය. එහිදී එතුමන් සර්වඥ ධාතූන් වහන්සේලා වෙත මල් පූජා කර සිය ගෞරවාචාරයන් පුදකළේය. හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර අඛණ්ඩව 45 වන වසරටත් මෙවර පැවැත්වූ අතර, මෙම වාර්ෂික පෙරහැර මංගල්‍යය ආගමික වතාවත්වලින් අනතුරුව ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමන් හස්තිරාජයා මත දළඳා කරඬුව තැන්පත් කළේය.

අවසන් පෙරහැර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගි වූහ.

ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නයේ මඟපෙන්වීම මත මෙවර නවම් පෙරහැර මංගල්‍යය සංවිධානය කෙරිණි.