Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th February 2025 21:26:01 Hours

රුවන්ඩාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලීය දූත පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

රුවන්ඩාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උසස් හමුදා පුහුණුවේ නිරතව සිටින දූත පිරිසෙහි ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අඟහරුවාදා (11) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

ඔවුන් සිය පාඨමාලාවේ පුහුණු වැඩසටහනේ එක් අදියරක් ලෙස වාර්ෂිකව මෙම සංචාරය සිදුකරනු ලබයි. ඒ අනුව, මෙවර සංචාරය සඳහා කර්නල් ලොව්ස්සෑන් සෙන්ගිමනා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ලුතිනන් කර්නල් ජොවින් බැප්ටිස්ට් ප්‍රමුඛ ශිෂ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම දූත පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම දූත පිරිසෙහි සංචාරය පිළිබඳවත්, දෙරට අතර පවතින ආරක්‍ෂක සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳවත් සාකච්ඡා කළහ.

යුද්ධ හමුදා මූලස්ථානයේ සිදුකළ සංචාරය සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.