Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th February 2025 08:42:14 Hours

ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025 තරඟාවලියේදී බළලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් හට රන් පදක්කමක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක බළලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත්විය.

ඩුබායි රාජ්‍යයේ පැවති මෙම තරඟාවලියේදී ලොව ප්‍රමුඛ පෙළේ පැරා-මළල ක්‍රීඩකයින් සමඟ තරඟවැදී මීටර් 61.88 ක දුරක් වාර්ථා කිරීමට බළලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් හට හැකියාව ලැබිණි.

ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් යනු ඉහළ පෙළ තරඟාවලියන් සඳහා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරඟාවලියකි. ජාත්‍යන්තර පැරා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් වශයෙන් මෙම ජයග්‍රහණය හැඳින්විය හැකිය.

ගෝලීය පැරා-මළල ක්‍රීඩාව තුළ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ප්‍රවර්ධනය සඳහා මෙම ජයග්‍රහණය තුළින් හැකියාව ලැබෙන අතර තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභියෝගයන් හමුවේ විශිෂ්ඨත්වය කරා රැගෙන යාමට ඒ තුළින් පොළඹවනු ඇත.