09th February 2025 17:42:11 Hours
77 වන නිදහස් දිනයට සමගාමීව උතුරු හා නැගෙනහිර පළාත් පුරා නිදහස් සැමරුම් උත්සව මාලාවක් 2025 පෙබරවාරි මස 04 දින සංවිධානය කර තිබුණි.
එම ප්‍රදේශවල ජනතාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සව අතරට පෙලපාළි, ආගමික වැඩසටහන්, රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන්, ක්‍රීඩා තරඟාවලි, ජාතික ධජය එසවීමේ උත්සව සහ රථ පෙළපාලි ඇතුළත් විය. ජාතික සමගිය, ජනතාව අතර සාමූහිකත්වය ඇතිකිරීමත් මව්බිමේ ස්වෛරීභාවය, සංහිඳියාව ශක්තිමත් කිරීමත් මෙම වැඩසටහන්වල අරමුණ විය.
රට තුළ සාමය හා සෞභාග්‍යය ඇති කිරීම වෙනුවෙන් ආශිර්වාද පතා නිදහස් දිනය පුරා පන්සල්, කිතුණු දේවස්ථාන, මුස්ලිම් දේවස්ථාන සහ හින්දු කෝවිල් ඇතුළු සියලු ආගමික සිද්ධස්ථානවල ආගමික වතාවත් පැවැත්වුණු අතර, ප්‍රදේශයේ ජනතාවගේ සක්‍රීය සහභාගීත්වයෙන් යුතුව රුධිරය පරිත්‍යාග කිරීම් වැඩසටහන් කිහිපයක්ම සාර්ථකව පැවැත්විණ.
ඊට අමතරව, ජාතීන් අතර සුහදත්වය සහ කණ්ඩායම් හැඟීම ශක්තිමත් කරමින් ක්‍රීඩා ඉසව් රැසක් පැවැත් වූ අතර, නිදහස් දිනයේ අභිමානය ප්‍රදර්ශනය කළ ප්‍රදේශවාසීහූ ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් පාගමන් සහ රථ පෙලපාළි පැවැත් වූහ.
මෙම පුළුල් සැමරුම් මඟින් ශ්‍රී ලාංකික ජනතාවගේ එකමුතුකම දේශප්‍රේමය සහ සහජීවනය ඉස්මතු කරන අතර, රට පුරා සාමය සහ සමගිය ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය කරන ලදී.
මෙම අවස්ථාවන්ට සිවිල් සංවිධානවල ආරාධනයකට අනුව යුද්ධ හමුදා භටපිරිස්, පොලීසිය සහ රජයේ නිලධාරින් සහභාගි වූහ.