08th February 2025 07:27:18 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දී අද (2025 පෙබරවාරි මස 07) දින පැවැත්විණ. මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය ද එක් වූවාය.
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදාධිපතිතුමන් හට එම තනතුර දක්වා පැමිණි ගමනේදී විද්‍යාලයෙන් ලද පන්නරය ඉතා සුවිසල් විය.
විද්‍යලය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ගරු අධ්‍යක්‍ෂ පියතුමා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, පාසල් තූර්ය වාදක සහ ‘වෙස් නර්තන’ කණ්ඩායම්ද ඒ අවස්ථාව සදහා එක්විය. ඉන්පසු එතුමන් ජාතික ධජය එසවූ අතර, අනතුරුව පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරව සම්මාන උත්තමාචාර පුද කරන ලදී.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව, විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක විසින් රැස්ව සිටි පිරිස ඇමතුවේය.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විද්‍යාලයේ සිසුන් ආමන්ත්‍රණය කරමින් සාර්ථකත්වය ළඟාකරගැනීමේදී විනය සහ නොපසුබට උත්සාහයේ වටිනාකම අවධාරණය කළේය. එසේම දරාගැනීමේ හැකියාවේ වැදගත්කම පිළිබඳවත් අවධාරණය කරමින්, “ලෝකය ඔබට ජයග්‍රහණ ලබා නොදෙනු ඇත, ඔබ ඒවා උපයා ගත යුත්තේ අධිෂ්ඨානය සහ නොසැලෙන උත්සාහය තුළින්” යැයි වැඩි දුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්පී යූඑස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස්සී, එයාර් වයිස් මාර්ෂල් ඩී.බී.වී වීරසිංහ යූඑස්පී, එම්ඩීඑස්, බීඑස්සී (ආරක්‍ෂක අධ්‍යයනය), එම්අයිඑම් (එස්එල්), පීඑස්සී, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එල්.ඩබ්ලිව්.වී.එස්.ආර් වෙත්තසිංහ ශ්‍රී ලංකා හමුදා සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඩී.එන්.සී ද සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි සෙනෙවිරත්න යන ආදි සිසුන් වෙතද උපහාර දැක්වීය.
තවද, පාසලේ තාක්‍ෂණික යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින්, ඉදිකරන ලද තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී.