06th February 2025 23:29:30 Hours
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුඳුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පි සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 06 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.
මෙම සුහද හමුවේදී, අතීත මතකයන් පිළිබඳ සිහිපත් කරමින් සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පි මානුෂීය මෙහෙයුමේදී මෙන්ම පශ්චාත් යුද සමයේදී සිදුකළ අමිල සේවය පිළිබඳ පැසසුමට ලක්කළේය. විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පවුලේ සාමාජිකයන් වෙත පුදකළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන්ද ප්‍රදානය කළේය.
වර්ෂ 1990 සැප්තැම්බර් මස 07 දින යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පි දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිතන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 මාර්තු මස 13 දින ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරුණු අතර යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ස්ථාපිත කිරීමත් සමඟ 2007 පෙබරවාරි මස 04 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත එතුමන් අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2023 ඔක්තෝබර් මස 16 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 පෙබරවාරි මස 10 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි. විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයන් හෙබවීය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ කණ්ඩභාර නිලධාරි, 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, යුද්ධ හමුදා සටන් පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරි II (පුහුණු), ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (භඨකාර්ය සම්පාදන), 534 පාබල බලසේනාවේ මේජර් (පාලන සහ භඨකාර්ය සම්පාදන), 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිලධාරි, 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, කුකුලේගඟ ලයා ලෙෂර් හෝටලයේ මාණ්ඩලික නිලධාරි I, කඹුරුපිටිය අභිමංසල 2 සුවතා නිකේතනයේ සේනාවිධායක, මාගම්, රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ (ක්‍රියාන්විත සහ පාලන), යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 58 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 591 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති අතර කීර්තිමත් හා පක්‍ෂපාතී සේවය වෙනුවෙන් එතුමන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ හමුදා දිවිය තුළ, කාලතුවක්කු නිරීක්‍ෂණ පුහුණු පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, සිවිල් සම්බන්ධීකරණ පාඨමාලාව, ක්‍රීඩා පරිපාලන පාඨමාලාව, ගෝලීය සාමසාධක ක්‍රියාන්විත පිළිබඳ එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ පාඨමාලාව, මූලික කෙඩෙට් පුහුණු පාඨමාලාව - පාකිස්තානය, තරුණ නිලධාරි උපායමාර්ගික පාඨමාලාව - පාකිස්තානය, නිලධාරි අවි පාඨමාලාව - බංගලාදේශය, පාබල බලඇණි අණදෙන නිලධාරි පාඨමාලාව (මෝටර් රථ පාබල) - රුසියාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමේ පාඨමාලාව - පාකිස්තානය වැනි විදෙස් පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.
මීට අමතරව, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සීමාසහිත Golden Key තොරතුරු තාක්‍ෂණ ආයතනයේ පරිගණක දෘඩාංග පිළිබඳ ඩිප්ලෝමාව, රුහුණු විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව, බටහිර ලංකා හෝටල් පාසලේ සත්කාරක කළමණාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව, උපායමාර්ගික අධ්‍යයන සඳහා වූ කලාපීය මධ්‍යස්ථානයේ නිර්මාණාත්මක රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ඩිප්ලෝමාව සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යාපනික සුදුසුකම් ද සපුරා ඇත.