Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2025 15:06:52 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 පෙබරවාරි මස 05 දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරතවිය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය. ඉන් අනතුරුව, එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.එච්.ජේ මංගල විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, එතුමන් වෙත ගෞරවාචාර පුදකරමින් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සියළු නිලයන් සමඟින් සුහඳ පිළිසඳරක ද නිරතවිය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සුහඳ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.