Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th February 2025 17:38:29 Hours

141 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් එම බලසේනාවේ රාජකාරියෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් දේශනයක්

141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ අධීක්‍ෂණය සහ මඟ පෙන්වීම යටතේ, 2025 ජනවාරි මස 22 දින එම බලසේනාවේ රාජකාරියෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් ‘ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් අයවැයකරණය’ පිළිබඳ හරවත් දේශනයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මේජර් බී.ජී.ටී.ඩී බණ්ඩාර විසින් මෙම දේශනය පවත්වන ලද අතර, ඒ සඳහා නිලධාරින් 13 දෙනෙකු සහ සෙසුනිලයන් 138 දෙනෙකු සහභාගි වූහ.