29th January 2025 05:53:54 Hours
උසස් ආරක්‍ෂක අධ්‍යයන අංශයේ ප්‍රමුඛතම ස්ථානයක් හිමි සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පවුරේ කීර්තිය’ (Wall of Fame) වෙත ඇතුළත් කළ වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ ඡායාරූපය එතුමන්ගේ සුරතින් නිරාවරණය කරන ලදී.
විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, ත්‍රිවිධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් එතුමන් වෙත පුදකරනු ලැබූහ.
පසුව, එම විද්‍යාලයේ ‘පවුරේ කීර්තිය’ (Wall of Fame) නම් කීර්තිමත් පුද්ගලයින්ගේ ඡායාරූප එළිදැක්වීම අලංකාරවත් කරමින් එහි ස්ථාපිත කළ සිය ඡායාරූපය නිරාවරණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් කැඳවාගෙන යනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම විද්‍යාලයේ පවත්වනු ලැබූ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලා අංක - 19 සඳහා සහභාගි වූ නිලධාරින් ආමන්ත්‍රණය කළේය. එම අවස්ථාව සඳහා දේශීය හමුදා නිලධාරින් 125 දෙනෙකු සහ විදේශීය හමුදා නිලධාරින් 26 දෙනෙකු සහභාගි වූහ. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් සිය අත්දැකීම් සහ තීක්‍ෂණ බුද්ධිය එම නිලධාරින් සමඟ බෙදාගත් අතර, ඔවුන් දිරිමත් කරමින් වෘත්තීය හමුදා අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
මෙම අවස්ථාවේදී, එම විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ගෞරවාචාරය පුදකරමින් සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ඒ වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකරනු ලැබීය.
ඉන් අනතුරුව පැවති සුහද තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන් එම විද්‍යාලයේ පාඨමාලාවන් සඳහා සහභාගිවූවන් සමඟින් සුහද පිළිසඳරක නිරතවිය. පසුව, එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ මෙම අවස්ථාව හා සබැඳිව සටහනක් ද තැබීය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි විය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.