Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2025 15:52:02 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි හිදී සිතියම් අභ්‍යාස වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි හිදී 2025 ජනවාරි මස 18 දින සිට 21 දින දක්වා සිතියම් අභ්‍යාස වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අභ්‍යාසය ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සේමු, බසේමු සහ ඒකකයන්හි රාජකාරියෙහි නියුතු නිලධාරින්ගේ මෙහෙයුම් සූදානම සහ උපායශීලී සැලසුම් කුසලතා වැඩි දියුණු කිරීම අරමුණින් සිදුකරනු ලැබීය. එහිදී ඔවුන්ගේ න්‍යායාත්මක දැනුම, අවබෝධය සහ භාවිතය වැඩිදියුණු කිරීම කෙරෙහි ද එය අවධානය යොමු කළේය.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගී වූහ.