Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2025 13:03:51 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ගංගාරාම විහාරස්ථානයේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සිය ධූරයන්හි රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2025 ජනවාරි මස 19 දින ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.

මෙම සුහඳ හමුවේදී, අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආශිර්වාද කිරීමෙන් පසුව කැපවූ සහ ගෞරවාන්විත සේවාවක් වන යුද්ධ හමුදාවට නායකත්වය ලබාදීම සඳහා අවශ්‍ය දැනුම, ශක්තිය හා ධෛර්යය එතුමන් වෙත ප්‍රාර්ථනා කළේය.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් විසින් ලබාදුන් මඟපෙන්වීම සහ ආශිර්වාද වෙනුවෙන් සිය කෘතවේදීත්වය පුදකළ අතර යුද්ධ හමුදාව වෙත පැවරී ඇති වගකීම් හා යුතුකම් ඉටුකිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බවට ද ප්‍රතිඥා දුන්නේය.

මෙම සංචාරය තුළින් මවුබිමේ ආගමික සංහිඳියාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර පවතින සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතාවයන් පිළිබිඹු කරයි.