19th January 2025 10:42:20 Hours
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.එම්.බී.ඒ. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකය හා 521 පාබල බලසේනාව විසින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එකමුතුකම සහ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කරමින් පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
තරඟාවලියේ මූලික තරඟ 2025 ජනවාරි මස 11 දින සිට 521 පාබල බලසේනා ක්‍රීඩාංගණයේදී පැවති අතර තරඟාවලියේ අවසන් මහා තරඟය 2025 ජනවාරි මස 16 දින 52 පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි නෙල්ලිඅඩි, කොලින්ස් පිටියේදී පැවැත්විණි.
අවසන් මහා තරඟයේදී, 523 පාබල බලසේනාව නියෝජනය කරන කොඩිකාමම් පාපන්දු සමාජය, 521 පාබල බලසේනාව නියෝජනය කරන වඩමාරච්චි පාපන්දු සමාජයට එරෙහිව ගෝල 3-0 ක් ලෙස ජයග්‍රහණය හිමිකරගනු ලැබීය.
අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.කේ.එස්.පී.එම්.ආර්.ඒ.බී. දොඩම්වෙල සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ප්‍රාදේශීය නිලධාරින් සහ ප්‍රජා නායකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
සෙල්ලමුත්තු ටෙක්ස්ටයිල්ස්, වයිට් ටවර් හෝටලය, ටී 20 ස්පෝර්ට්ස්, කුපුතු හෝටලය සහ කලම්බු ටෙක්ස් ඇතුළු දේශීය අනුග්‍රාහක ආයතනයන් වෙතින් තරඟාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන්හ.