Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2025 05:55:02 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරනු ලබන සිව්වන යුද්ධ හමුදාධිපති වශයෙන් අභිනවයෙන් ධූරයේ රාජකාරි කටයුතු භාරගත් 25 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ගෞරවාචාරය පුදකරමින් 2025 ජනවාරි මස 17 දින උපහාර පෙළපාලියක් පවත්වන ලදී.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළ අතර 6 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සරඹ භූමියේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල රෙජිමේන්තු පෙළපාලියේ ගෞරවාචාරය පුදකෙරිණි. එම පෙළපාලියේ පෙළපාලි අණදෙන්නා වශයෙන් 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී කටයුතු කරනු ලැබීය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව, පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තු භටපිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරතවිය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් සී.එස්. වීරසූරිය (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ අයිජී, විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.