Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2025 19:04:12 Hours

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ සාර්ථකව අවසන්

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ හි සමාප්ති උත්සවය 2025 ජනවාරි මස 15 දින නුවරඑළිය ගොල්ෆ් සමාජ පරිශ්‍රයේදී පැවැත්විණි. දින දෙකක් පුරාවට පැවති මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වී සිය දක්‍ෂතා එළිදැක්වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

තියුණු තරඟයකින් අනතුරුව, පිරිමි විවෘත ඛාණ්ඩයේ ශූරතාවය දිනාගැනීමට ගැමුණු හේවා බලකා කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කණ්ඩායම වෙතින් අනුශූරතාවය දිනාගත්හ. තරඟාවලියේ කාන්තා ඛාණ්ඩයේ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම වෙතින් දිනාගත් අතර අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කණ්ඩායම සමත්වූහ.

තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් ටී.ඩී.පී. සිරිවර්ධන පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.

ශූරතාවලියේදී දක්‍ෂතා දැක්වූවන් පහතින් දැක්වේ:

විවෘත ඒකළ ඛාණ්ඩය

1. ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.එල්.ජී. කුමාර

2. ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් පී.ජී.සී. සුපුන් උදාර

3. විජයබාහු පාබල රෙජිමේන්තුවේ පාබල සෙබළ වී.ඩබ්ලිව්.එච්.එස්. කුමාර

ආධුනික ඛාණ්ඩය

1. විජයබාහු පාබල රෙජිමේන්තුවේ පාබල සෙබළ කේ.එල්.එම්.එස්. කුරුප්පු

2. විජයබාහු පාබල රෙජිමේන්තුවේ පාබල සෙබළ එල්.ඩී.එච්. සමරජීව

3. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් වයි.ජී.යූ. පුෂ්පකුමාර

විවෘත කණ්ඩායම් ඛාණ්ඩය

1. ගැමුණු හේවා බලකාය

2. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

3. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කාන්තා කණ්ඩායම් ඛාණ්ඩය

1. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

2. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

3. ශ්‍රී ලංකා සංඥා බලකාය