Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2025 15:46:49 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 08 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී (දෙවරක්), ආර්එස්පී (දෙවරක්), යූඑස්පී, එම්එම්එස්සී (යුද උපායමාර්ගික අධ්‍යයනය - චීනය), එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්එස්සී (ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය), එෆ්එන්ඩීයූ (චීනය), පීඑස්සී හමුවිය.

එහිදී ආරක්‍ෂක ලේකම්තුමන් නව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය සුබ පැතුම් එක් කරමින් උණුසුම් අයුරින් පිළිගැනීය. අනතුරුව පැවති සුහඳ හමුවේදී පොදු වැදගත්කමක් ඇති සහ අන්‍යෝන්‍ය වශයෙන් වඩා වැදගත් කරුණු පිළිබඳවත් එහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කරගත් අතර, එමගින් අන්‍යෝන්‍ය අවබෝධය සහ වෘත්තීය සම්බන්ධතාවය තවදුරටත් ගැඹුරු කරගන්නා ලදී.

සුහඳ හමුව අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූහ.