Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2025 09:49:45 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින මරදන්කේනි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන අතරතුරදී, කෙවිල්-කඩ්ඩෙයිකාඩු රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් 46 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කෙරුණු අතර ඒ සඳහා නුගවෙල මෙනවිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් විසින් මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්හ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී සහභාගි විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, සෙසුනිලයන්, ගුරු භවතුන්, දරු දැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගි වූහ.