03rd January 2025 12:09:31 Hours
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 02 දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී හමුවිය.
මෙම සුහඳ හමුව අතරතුරදී, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් නව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය සුබපැතුම් පිරිනැමිණි. එමෙන්ම, ජාතික ආරක්‍ෂාව, ආරක්‍ෂක සහයෝගීතාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අනාගත අභිවෘද්ධිය කෙරෙහි අවධානය යොමුකරමින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.
එසේම, නැගී එන ආරක්‍ෂක අභියෝග වලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා අන්තර් ආයතන සමඟ පවතින සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ සහ ක්‍රියාන්විත සඳහා පවතින සූදානම තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.
සුහඳ හමුවේ සමාප්තියේදී සාමය ප්‍රවර්ධනය කිරීම සහ ජාතියේ ආරක්‍ෂක වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශවයේම පොදු කැපවීම පිළිබඳවද ඔවුන් සිය අදහස් දැක්වූහ.
මෙම හමුව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.