01st January 2025 15:00:27 Hours
ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 13 වන වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙල 2024 දෙසැම්බර් මස 19 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම උත්සවයේදී, ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි ආශ්රිත වෘත්තීය පුහුණු වැඩසටහන සාර්ථකව නිමකරනු ලැබූ ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් 14 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කරන ලදී. ඒ අනුව, ඔවුන් ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි මණ්ඩලයේ වෘත්තිකයන් ලෙස නිල වශයෙන් ලියාපදිංචි කරනු ලැබීය.